ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් එරට ජාතික මත්ද්‍රව්‍ය නියාමන ආයතනයේ පරීක්ෂාවන්ට ලක් කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
එම පියවර පසුගිය වසර කිහිපය තුළම ඉන්දීය පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබුණා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක රාහුල් ජොහාරි සහ සාමාන්‍යාධිකාරී සබා කරිම් ඉන්දීය ජාතික මත්ද්‍රව්‍යය මර්දන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්වරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි නව තීරණයට එළඹී ඇත්තේ.