ඉන්දියාවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.
ඉන්දියාවේ දකුණු සහ බටහිර ප්ර දේශවලටයි මින් වැඩි බලපෑම් එල්ලවී ඇත්තේ. කේරල ප්රාන්තයේ පමණක් පුද්ගලයින් 40 දෙනෙකු ගංවතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගංවතුර පවතින ප්රදේශවල ජීවත්ව සිටි පුද්ගලයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැනුණේ. වසර 100කට පසුව කේරල ප්රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය පසුගිය වසරේ දී වාර්තා වුණා. එම ගංවතුරෙන් පුද්ගලයින් දෙසිය දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ.