fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරකයින්ගේ පැමිණීම 47% කින් ඉහළ යයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 13:06

සංචාරකයින්ගේ පැමිණීම 47% කින් ඉහළ යයි

සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහනක් අලුත්ගම , මොරගල්ල ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා.

තිරසර සංචාරක ගමනාන්තයක් යනුවෙන් වැඩසටහන නම් කර තිබෙනවා. සංචාරක කර්මාන්තය ඉදිරි දැක්මක් තුළින් ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාම මෙහි අරමුණයි. දිවයින පුරා සිටින විවිධ සංචාරක කාර්යයන්ගේ නියුතු පුද්ගලයින් තෝරා වැඩමුළුවක් පැවැත්වීමට ද කටයුතු කෙරුණා. සංචාරක ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් වැඩසටහන දිවයින පුරා සිදු කිරීමට නියමිතයි.

මේ අතර පසුගිය ජූලි මාසයේ දී  සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් වාර්තා වුණා. ඒ එක්සත් රාජධානිය , ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවලින් සංචාරකයින් එක්ලක්ෂ පහළොස් දහසකට වැඩි පිරිසක් පැමිණීමත් සමඟයි.  එය පසුගිය වසරට වඩා 46.9%ක වර්ධනයක්. වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ යුරෝපා රටවලින් වීම විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33