පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු සහ පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකු ස්ථාන මාරුකර තිබෙනවා. ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය ඒ සඳහා හිමිව ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
අධිකරණ ආරක්ෂක කොට්ඨාසයේ සේවය කළ අධ්යක්ෂ ලෙස කටයුතු කළ පොලිස් අධිකාරීවරයා පොලිස් මූලස්ථානයටත්, මීගමුව කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී පොලිස් මූලස්ථානයටත්, කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී නුගේගොඩ කොට්ඨාසයටත් මාරුකර තිබෙනවා.
නුගේගොඩ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයටත්, පොළොන්නරුව කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා කුරුණෑගල කොට්ඨාසයටත්, කුරුණෑගල කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා නුවරඑළිය කොට්ඨාසයටත් මාරුකර යවා ඇති බවයි පොලිස් ම ූලස්ථානය සඳහන් කළේ.
ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් සහකාර අධ්යක්ෂවරයා මාරුකර තිබෙන්නේ නුගේගොඩ කොට්ඨාසයටයි. මුලතිව් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ සහයක ආරක්ෂක කොට්ඨාසයටත්, යෝජිත තෙල්දෙණිය කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අංකුඹුර පොලිස් ස්ථානයටත්, අංකුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරී සඳහා කෑගල්ල කොට්ඨාසයටත් මාරුකර යවා ඇති බව ද නිවේදනයේ සඳහන්.