fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදේ ගිලී අතුරුදහන් වූ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 10:06

මුහුදේ ගිලී අතුරුදහන් වූ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

කැළණි ගං මෝයේදී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකිවුණා.

ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය පුද්ගලයින් දෙදෙනෙකුයි මෙසේ  අතුරුදන් වී ඇත්තේ. ඒ ඔවුන් ගමන් කළ ධීවර යාත්‍රාව පෙරළීමත් සමඟයි.  ඒ අනුව බටහිර නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානයේ කළ සෝදිසි කිරීමකදී එක් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකිවුණා. මියගිය පුද්ගලයා 53 හැවිරිදි වත්තල පල්ලිය වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා මෙහයුම් ක්‍රියාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්