fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 09:57

චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළට

චීනයට බලපා ඇති ලෙකීමා සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයින් මිලියනයකට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.පැයට කිලෝමීටර 187 ක වේගයෙන් සුළං හමා යන බව සඳහන්. සී ජියෑන්ග් සහ ෂැන්හයි ප්‍රාන්තවලට අද දිනයේ දි සුළිකුණාටුව පැමිණීමට නියමිත බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ. දුම්රිය සේවාවන්ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. නිවාස හා ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සුළිකුණාටුව හේතුවෙන් චීනයේ මිලියන ගණනක් ජනතාවට විදුලිබලය  ඇනහිට ඇති බව ද සඳහන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්