අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය සඳහා එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ
Related Articles
ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය සඳහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රිඩකයින් 12 දෙනෙකු ඇතුලත්. දගපන්දු යවන ක්‍රිඩක මොයීන් අලී මෙම සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්. ඔහු වෙනුවට වමත් දග පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච් කැදවා තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන 14 වනදා ලෝඩ්ස් ක්රිඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.