නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඉල්ලා නැවතත් රුසියාවේ උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.
නව උද්ඝෝෂණ සඳහා පුද්ගලයින් 60,000ක් පමණ සහභාගී වී සිටින බව සඳහන්. 2011 වසරෙන් පසුව රුසියාවේ පැවැත්වූ විශාලතම උද්ඝෝෂණය ද මෙයයි. බොහෝ පිරිසක් රුසියා ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට එක්ව උද්ඝෝෂණයේ නිරත වන බව සඳහන්. පසුගිය සති දෙක තුළ සිදුකළ උද්ඝෝෂණවලදී පුද්ගලයින් සිය ගණනක් අත්අඩංගුවට ගත් බවයි රුසියා වාර්තා සඳහන් කරන්නේ. උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ විපක්ෂ සමාජිකයන්ට ද නගර සභා මැතිවරණයට එක්වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.