දිවයිනේ නිරිත දිග කොටසෙහි වැසි සහ සුළං තත්වය ඉදිරි දින කිහිපයේත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ද සුළගේ වේගය පැයට කිලෝමීටර 65 පමණ දක්වා ක්ෂණිකව ඉහළ යාහැකියි.
උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීම තවදුරටත් අනතුරුදායක බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළා.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනාවට දැනුම් දෙනවා.