නව දූත මණ්ඩල ප්‍රධානීන් 13 දෙනෙකුගේ පත්වීම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව මඟින් අනුමත කර තිබෙනවා. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා නම් කර ඇති මෙම 13 දෙනාට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ද මේ වනවිට හිමිව ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
නයිජීරියාව, කුවේට්, කොරියාව, ජොර්දානය, විට්නාමය, නේපාලය, කියුබාව, ඉතියෝපියාව සහ ලෙබනනය ඇතුලු රටවල් වෙනුවෙන් නව රාජ්‍යතාන්ති‍්‍රක නිලධාරීන් 9 දෙනෙකු පත්කර තිබෙනවා. ඕස්ට්‍රේලියාව, මැලේසියාව, මාලදිවයින, කටාර් රටවල් සඳහා පත්කළ වෘත්තීයවේදීන් ද දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස කටයුතු කිරීමට අනුමැතිය ලබා ඇති බවයි අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ. මේ වනවිට වෘත්තීය දූත මණ්ඩල ප්‍රධානී තනතුරුවල අනුපාතය 54% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.