fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති දිවයිනට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 08:52

ජනපති දිවයිනට

නිල සංචාරයක් සඳහා කාම්බෝජය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුලු දූත පිරිස අද අලුයම දිවයිනට පැමිණියා. සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස මෙරටට පැමිණි බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

බුදු දහම මුල්කර ගත් කාම්බෝජය සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර සබඳතා සෑම ක්ෂේත‍්‍රයකින්ම වැඩිදියුණු කරගැනීමේ අරමුණින් කාම්බෝජ රජුගේ විශේෂ ආරාධනයකට අනුවයි ජනාධිපතිතුමා එරට නිල සංචාරයකට එක්වුණේ. එය ශ්‍රී‍්‍ර ලංකා ජනාධිපතිවරයෙකු කාම්බෝජයේ රාජ්‍ය සංචාරයකට එක්වූ පළමු අවස්ථාව ද වනවා. ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයක් ද එහිදී පැවැත්වුණා. ආයෝජන සහ වෙළෙද කටයුතු පුළුල් කරගැනීමට අදාළව පැවැති සාකච්ඡා සාර්ථකව අවසන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනය කරනවා.

මේ අතර කාම්බෝජයේ ශ්‍රී‍්‍ර ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බවත් එතෙක් එම කටයුතු සම්බන්ධීකරණයට කාම්බෝජයේ ශ්‍රී‍්‍ර ලංකා කොන්සල්වරයෙක් සහ ශ්‍රී‍්‍ර ලංකාවේ කාම්බෝජ කොන්සල්වරයෙකු පත්කිරිමට ද කටයුතු කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2019 08:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්