බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්වල ස්ථාන කිහිපයකත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/KDiI3FpjWME”]
දැඩි සුළං හේතුවෙන් නාරාහේන්පිට හත්බෝධිවත්ත ප්‍රදේශයේ නිවාස 16 කට දැඩි හානි සිදුව තිබෙනවා. එම නිවාසවල සිටි ජනතාව හත්බෝධිවත්ත විහාරස්ථානයේ තාවකාලිකව රඳවා සිටිනවා.
මේ අතර වත්තල හුණුපිටිය ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියකට ගසක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් කිරිබත්ගොඩ හා ඒ අවට නිවාස දස දහසකට පමණ විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තාවන්නේ.