fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිලෝග‍්‍රෑම් 1500 කට වැඩි කසල තේ තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 18:12

කිලෝග‍්‍රෑම් 1500 කට වැඩි කසල තේ තොගයක් අත්අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු ග්ලුකෝස් මිශ‍්‍රකර කසල තේ නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවක් වැටලීමෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය රත්නපුර කිරිඇල්ල මිනිපුර ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකින්. සැකකරුවන් අතර වතු අධිකාරීවරයෙකු , සහකාර වතු අධිකාරිවරයෙකු සහ කර්මාන්ත ශාලාවේ නිලධාරීන් ද වන බවයි පොලිසිය සදහන් කළේ.

කර්මාන්ත ශාලාවේ තිබී ග්ලුකෝස් මිශ‍්‍රකළ කසල තේ කිලෝග‍්‍රෑම් 1576 ක් සොයාගැණුනා. ග්ලුකෝස් කිලෝග‍්‍රැම් 142 ක් ද විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් ශරීර ඇප මත මුදාහැරුණා.

ඔවුන්ට ලබන 20 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දුන් බවයි පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්