ථේරවාදී බුදු දහම ලොවට බෙදා හරින ධර්ම ප්රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවීමට ශ්‍රී ලංකාව හා කාම්බෝජය එක්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාම්බෝජ සංචාරයේදීයි මෙම එකගත්වය ඇතිවී තිබෙන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කාම්බෝජයේ අගනුවර වන නොමිපෙන් හි වට් ලංකා ප්රාකුසුමාරාම් විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලට ද එක්වුණා. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් කාම්බෝජයේ කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියා.
අනතුරුව ජනාධිපතිතුමා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් කාම්බෝජය වෙත පරිත්‍යාග කිරීමට ද පියවර ගත්තා. ජනාධිපතිතුමා වෙත උපහාර තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරුණා. මහා සංඝ රත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/0QM_kyWT4rc”]