fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරාර්ථකාමී රාජකීයන් හමු වූ මොහොතක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 18:23

පරාර්ථකාමී රාජකීයන් හමු වූ මොහොතක්

කොළඹ රාජකීය විද්‍යාලයේ 1960 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ උත්සවයක් අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

පරාර්ථකාමීන් නමින් හදුන්වන 1960 ආදි ශිෂ්‍ය කණ්ඩායම රාජකීය විද්‍යාලයේ සංවර්ධන කටයුතු රැසක් සිදුකර තිබෙනවා. ඒ යටතේ රාජකීය විද්‍යාලයේ පන්තිකාමර දහයක වැඩකටයුතු අවසන් කිරීම,  සදාකාලික විශ්වාසනීයත්වය වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යත්වය සදහා අනුග්‍රහය දැක්වීම මෙන්ම ලලිත් ඇතුළත් මුදලි අනුස්මරණ ශිෂ්‍යත්වය වෙනුවෙන් අනුග්‍රහය දැක්වීම ද සිදුකෙරුණා.

1932 රාජකීය විද්‍යාලයේ ඉතිහාසය ඇතුළත් කෘතියේ ආකෘතිය ද මෙහිදී එළිදැක්වුණා. විද්‍යාලයේ විදුහල්පතිවරයා,  ආචාර්ය මණ්ඩලය ඇතුළු ආදිශිෂ්‍යයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. උත්සවය ඇමතූ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2019 18:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්