ඉන්දියාවේ මාරාෂ්ඨ , කේරළ, කර්නාඨක ඇතුළු ප්‍රාන්ත රැසක ඇතිව ඇති ජල ගැල්මෙන් මේ වනවිට ජීවිත හානි රැසක් වාර්තා වනවා.
ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ගලවා ගැනිමේ කටයුතු සදහා ඉන්දිය යුධ , ගුවන් සහ නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් 250ක් පමණ යොදවා තිබෙනවා.
දින තුනක් තුළ කේරළ ප්‍රාන්තයේ පමණක් ජීවිත හානි 48ක් වාර්තා වුණා. ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිතව ස්ථානගතකර ඇති අතර කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපල හෙට (11) දක්වා වසා දමා තිබෙනවා.