පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු විධිමත්ව හා පැහැදිලිව සිදුකරමින් පවතින බව අනුරාධපුර මිහින්තලය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක නීතීඥ සංජීව සෙනෙවිරත්න මහතා පවසනවා.
අඩු ආදායම් ලාභී පවුල් සදහා සමෘද්ධි ප්රතිලාභ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.
තිරප්පනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් 721 ක් සදහා සමෘද්ධි ප්රතිලාභ ලබාදීම සිදුකෙරුණේ අනුරාධපුර මිහින්තලය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක නීතීඥ සංජීව සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන්.
රාජ්ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/T-g6O0sITMc”]