උණ රෝග සදහා ඇස්ප්‍රින් ඇතුළු ප්රතිඅසාත්මක වේදනානාශක ඖෂධ භාවිතයෙන් වලකින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. ඩෙංගු උණ රෝගීයෙකු ඇස්ප්‍රින් භාවිතා කළහොත් රෝගය උත්සන්න විය හැකි බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
උණ රෝගී තත්ත්වයකින් පෙලෙන අයෙකු සදහා ඖෂධ ලබා දිමේදී වෛද්‍යවරුන් සැලකිලිමත් විය යුතු බවත් රෝගීයා ද තමාට ලැබෙන ඖෂධ පිලිබදව සැලකිලිමත් විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.
ඇස්ප්‍රින් ඉබුපෝෆේන්, ඩයික්ලෝෆිනැක් සෝඩියම්, මෙෆනමික් ඇසිඩ් වැනි ප්රතිඅසාත්මක වේදනානාශක ඇතුළු ඖෂධ කිහිපයක්ම උණ රෝගී තත්ත්වයෙන් පෙලෙන රෝගීයෙකු විසින් භාවිතයෙන් වැලකිය සිටිය යුතුබවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරනය කර ඇත්තේ.
මේ වන විට කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
මේ අතර උතුරු පළාතේ ඩෙංගු උණ පැතිර යාමේ අවදානමක් පවතින බව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඩෙංගු පැතිර යාමේ දැඩි අවධානමක් පවතින ප්‍රදේශ හදුනා ගිනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කිරිමටද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.