1990 අනුව සුවසැරිය ගිලන් රථ සේවාවේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාර්ග සුරක්ෂිතතාව පිළිබද පාර්ලිමේන්තු සාමාජිකයින්ගේ කලාපීය ජාලයේ උප සභාපතිවරයා ලෙස පත්කෙරුණා. එමෙන්ම එම ගෝලීය ජාලයට අයත් කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ද ඒ මහතා පත්කර තිබෙනවා. ඒ සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කිරීමට ලබාදුන් නායකත්වය සැලකිල්ලට ගෙනයි.
දිවයින පුරා නොමිලේ ක්‍රියාත්මක 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් මේ වනවිට දෙලක්ෂ විසිදහසකට අධික පිරිසකට පූර්ව ප්‍රථමාධාර ලබාදෙමින් රෝහල් ගතකිරීමට කටයුතුකර තිබෙනවා. දිනකට රෝගීන් 700 ක් පමණ මෙම ගිලන් රථ සේවය මගින් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
මේ වනවිට දිවයින පුරා සුවසැරිය ගිලන් රථ 297 ක් ක්‍රියාත්මකයි. මෙම සේවාව ආරම්භ කිරීමේ දී ලබාදුන් නායකත්වය අගයකරමින් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට මාර්ග සුරක්ෂිතතාව පිළිබද පාර්ලිමේන්තු සාමාජිකයින්ගේ කලාපීය ජාලයේ උප සභාපති ධුරය සහ එම ගෝලීය ජාලයට අයත් කවුන්සිලයේ සාමාජික ධුරය ඒකමතිකව හිමිවුණා.