පුදුමාතලන් ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් හක් බෙල්ලන් 388 ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ධීවර වාඩියක සඟවා තිබියදී හක් බෙල්ලන් සොයාගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
හක් බෙල්ලන් ළඟ තබා ගැනීම, විකිණීම සහ ප්රවාහනය ද සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
මේ අතර එරක්කණ්ඩි වෙරළ තීරයේ අතහැර දමා ගොස් තිබූ ධීවර යාත්රාවක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා. එහි තිබී නීතිවිරෝධී දැලක්, මසුන් කිලෝග්රෑම් 20 ක් සොයාගෙන තිබෙනවා. යාත්රාව ති්රකුණාමලය සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයට භාරදුන් බවයි නාවික හමුදාව පවසන්නේ.