කේරලයේ මල්ලප්පුරම් ප්රදේශයේ සිදුවූ නායයාමෙන් අතුරුදන්වු පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. සහන කණ්ඩායම් එම ප්රදේශයට යොමුකර ඇති බවයි බලධාරින් ප්රකාශ කළේ.
නායයාමෙන් නිවාස රැසක් හානි වී ඇති බව වාර්තා වුණා. කේරල ප්රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේවනවිට පුද්ගලයන් 10 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, අතුරුදන්වු පිරිස ද 50 ඉක්මවනවා. කදුකර ප්රදේශයට පවතින අධික වැසි සහ සුලං තත්වය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ඉතා දුෂ්කර බවයි ප්රාන්ත බලධාරින් ප්රකාශ කළේ.