fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටට අවශ්‍ය කම්මුතුකාරයෙක් ද?

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 18:43

රටට අවශ්‍ය කම්මුතුකාරයෙක් ද?

රටට අවශ්‍ය වන්නේ අනාගතය කම්මුතු කරන්නෙකු නොව අනාගතය සුරක්ෂිත කරන්නෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්වල පළාත්පාලන මහජන නියෝජිතයින්ගේ හමුවක් අරලියගහ මන්දිරයේදී අද (09) පැවැත්වුණා. පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීමෙන් සිදුකර තිබෙන සංවර්ධන කටයුතු හා ඉදිරියේදී ගත යුතු පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා මෙම හමුව කැදවා තිබුණා.

අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 18:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්