පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ්ගේ දියණිය මරියම් නවාස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරියම් නවාස් පාකිස්ථාන විපක්ෂ දේශපාලන නායිකාව ලෙස කටයුතු කරන අතර දූෂණ චෝදනා හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සීනි කම්හලක් හා සම්බන්ධ නඩු විභාගයක් හේතුවෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා. හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් රඳවා තිබෙන ලාහෝර් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මේ වන විට නවාස් ෂරීෆ් වසර 7ක සිරදඬුවමකට යටත්ව සිටිනවා.