බෙස්ට් වෙබ් 2019 සම්මාන උළළේදී අයිටිඑන් ඩිජිටල් ඇගයීමට ලක් වුණා.
එල් කේ ඩොමෙන් රේජිස්ටරි ආයතනය මගින් සංවිධාන කරන බෙස්ට් වෙබ් 2019 සම්මාන ප්රදානෝත්සවය ඊයේ කොළඹදී පැවැත්වුණා. ඇගයීමට ලක් වූ අයිටිඑන් ඩිජිටල් වෙනුවෙන් මෙම කුසලානය අයිටිඑන් අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාණ්යාධිකාරි වජිර කුමාරතුංග මහතා විසින් ලබා ගත්තා. ඩිජිටල්කරණයේ පුරෝගාමින්, වෙබ් නිර්මාණකරුවන්, කලාකරුවන්, අලෙවි ක්ෂේත්රයේ ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. විවිධ කාන්ඩ යටතේ වෙබ් අඩවි ඇගයීමට ලක් කිරිමද මෙහිදි සිදු වුණා. බැංකු සහ මුල්‍ය කාණ්ඩ යටතේ ජනප්‍රිය වෙබ් අඩවියට හිමි සම්මානය සම්පත් බැංකුව දිනා ගත් අතර ජාතික ඉතිරි කිරිමේ බැංකුව ද සම්මානයට පාත්‍ර වුණා.
සම්මාන සදහා වෙබ් අඩවි තෝරා ගැනිම සදහා ප්රමුඛ පෙලේ විනිසුරු මඩුල්ලක් කටයුතු කළ අතර තාක්ෂණය, නිර්මාණාත්මකභාවය, අන්තර්ගතය සහ අන්තර් ක්‍රියාවලිය එහිදි සලකා බැලුනා. විනිශ්චය මණ්ඩලය නියෝජනය කළ අයිටිඑන් තොරතුරු තාක්ෂණ අංශයේ කළමනාකරු එස්පි නෝනිස් මහතා ද විශේෂ ඇගයීමට ලක් වුණා. විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ඩිසි දිසානායක මහතා, එල්කේ ඩොමෙන් රෙජිස්ටරි ආයතනයේ සභාපති ජයන්ත ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිළධාරි මහාචාර්ය ගිහාන් ඩයස් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/VhdN8QUN8Dw”]