fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොහොමඩ් සහරාන් ඇතුළු කල්ලියේ කෝටි 113 ක දේපල අත්හිටුවේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 11:46

මොහොමඩ් සහරාන් ඇතුළු කල්ලියේ කෝටි 113 ක දේපල අත්හිටුවේ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලි සාමාජිකයන්ගේ රුපියල් කෝටි 113 ක මුදල් හා දේපළ අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. අධිකරණ නියෝග මත මෙම අත්හිටුවීම සිදුකළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සඳහන් කළේ.

සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලියේ දේපළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තාකර ඇති අතර ඒ හරහා ඔවුන් සතු දේපළ අත්හිටුවීමට කටයුතුකර තිබෙනවා. රුපියල් කෝටි 100 ක දේපළ , රුපියල් කෝටි 13 ක් වටිනා මුදල් හා බැංකු ගිණුම් තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයින් 60 දෙනෙකුට අධික පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් රැදවුම් නියෝග යටතේ රදවාගනිමින් පරීක්ෂණ සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo