fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රබල සුළි කුණාටුවක් ගැන චීනයට අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 10:38

ප‍්‍රබල සුළි කුණාටුවක් ගැන චීනයට අනතුරු ඇඟවීමක්

ලෙකිමා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය හැකි බවට චීනය වෙරළ ආශි‍්‍රත ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා.

නැගෙනහිර වෙරළ තීරයට සුළි කුණාටුව පැයට කිලෝමීටර 190 ක වේගයකින් ඇතුලු වනු ඇති බවයි කාලගුණ අංශ පෙන්වාදෙන්නේ. හදිසි ආපදා තත්වයන්ට මුහුණදීම සඳහා විශේෂ කණ්ඩායම් යෙදවීමට පියවර ගත් බව චීන හදිසි සේවා අමාත්‍යාංශය සඳහන් කළා. ෂැන්හයි වෙරළ ආශි‍්‍රත දහස් ගණනකට ඉවත් වන ලෙසට ද දැනුම්දී තිබෙනවා. ලෙකිමා සුළි කුණාටුවෙන් තායිවානයට ද බලපෑම් එල්ල වුණා. එරට ගුවන් ගමන් ද අවලංගු කළ බවයි වාර්තා වුණේ. පාසල් සහ කාර්යාල ද වසාදැමීමට තායිවාන බලධාරීන් කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 10:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්