fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නරේන්ද්‍ර මෝදිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 09:53

නරේන්ද්‍ර මෝදිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

ජම්මු කාශ්මීර ගැටලුව සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකළා.

ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පසුගියදා තමා ලබාදුන් නියෝගය ඓතිහාසික තීන්දුවක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වන වගන්තිය අහෝසි කරමින් කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා නියෝග කළා. ඉන් පසුව පාකිස්තානය හා ඉන්දියාව අතර කාශ්මීර අර්බුදය උග්‍ර අතට පත්වුණා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම තීන්දුව කලාප දෙකෙහිම යහපත උදෙසා මෙන්ම ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සිදුකළ බවයි.

ඉන්දියාවේ මෙම තීරණයත් සමඟ කාශ්මීරයේ සන්නිවේදන අන්තර්ජාල පහසුකම් සියල්ල ද බිඳදැමුණු අතර ඇදිරිනීතිය ද පනවනු ලැබුවා. මේ වනවිටත් කාශ්මීර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්