fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජල ගැලීම් සහ නායයාම් වලින් කේරල ප‍්‍රාන්තයට දැඩි හානි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 09:47

ජල ගැලීම් සහ නායයාම් වලින් කේරල ප‍්‍රාන්තයට දැඩි හානි

ජල ගැලීම් සහ නායයාම් වලින් කේරල ප‍්‍රාන්තයට දැඩි හානි සිදුව තිබෙනවා. දින කිහිපයක් පුරා අධික වැසි ඇද හැලෙන බවයි වාර්තා වන්නේ. පවුල් 2300 කට වැඩි ගණනක හය දහසකට වැඩි පිරිසක් තාවකාලික කඳවුරුවල රැඳවීමට පියවර ගැණුණා.

අනතුරු වලින් 6 දෙනෙකු මියොගස් ඇති බව ඉන්දීය ආපදා අංශ පවසනවා. කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් ද තාවකාලිකව නතර කිරීමටයි බලධාරීන් කටයුතු කළේ. නායයාම් අවදානම හේතුවෙන් කදුකර ප‍්‍රදේශවල දුම්රිය ස්ථාන ද වසාදැමීමට පියවර ගෙන තිබෙනවා. කේරළ ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍යවරයා හදිසි රැස්වීමක් ද කැඳවා සහන සැලසීමේ වැඩපිළිවෙලට හමුදාවේ සහය ද ඉල්ලා සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. පසුගිය වසරේදී ද කේරල ප‍්‍රාන්තයට ජල ගැලීම් වලින් දැඩි හානි සිදුවුණා. 400 කට ආසන්න පිරිසක් මියගොස් මිලියන ගණනක් අවතැන්වූ බවයි වාර්තා වුණේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්