පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට අභ්‍යාසලාභීන් 850 දෙනෙකු බඳවා ගැනෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
2015, 2016 සහ 2017 වසරවල උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල මත එම බඳවා ගැනීම් සිදුකරන බවයි සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට විද්‍යුත් මාධ්‍ය ක්‍රමයෙන් අයදුම්පත් ඉදිරිපත් කර අභ්‍යාසලාභීන් බඳවාගන්නා පළමු අවස්ථාව මෙය බවයි සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා පෙන්වාදෙන්නේ.