fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අගමැති හා ඇමති සජිත් පූර්ණ එකඟතාවකට පැමිණෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 17:51

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අගමැති හා ඇමති සජිත් පූර්ණ එකඟතාවකට පැමිණෙයි

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් සන්ධානගතවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ කඩිනමින් පිහිටුවිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා  පූර්ණ එකගතාවකට පැමිණ තිබෙනවා.

මෙම එකගතාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවේ ඇතිකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයන් පිරිසක් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කළා.  එම පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සාකච්ඡා කෙරුණා. එහිදී අමාත්‍ය කබීර් හෂීම් මහතා වෙත භාරදුන් නව සංශෝධන එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ වෙත ලබා දීමට ද කටයුතු කර තිබුණා. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පුළුල් සන්ධානයක් පිහිටුවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර ඇතිව තිබෙන එකගතාව අනුව නව සන්ධානයේ ව්‍යවස්ථාව ඉදිරි දින දෙක තුළ සංශෝධනය කර අවසන් කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්