පුහුණු සහ අර්ධ පුහුණු ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
ලගදීම ශ්‍රමිකයන් කණ්ඩායමක් ජපානයට යැවීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් හරින් ප්‍රනාන්දු මහතා සදහන් කළේ. ඒ සදහා ගිවිසුමකට ජපානය සමඟ අත්සන් තබා තිබෙනවා.
ජපානයේ පමණක් නොව ජර්මනිය සහ ඇමරිකාව වැනි රටවලට ද හෙද සේවය ඇතුලු රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් සදහා අවස්ථා ඇති බවයි මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේ.