හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවක් ලබන 28 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද (08) නියෝග කළා.
අල්ලස් කොමිසමයි නඩුව ගොනු කළේ. සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 ක් වටිනා මුදල් හා දේපළ අයථා ලෙස ඉපැයූ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුවට අදාළව මෙතෙක් ලැබී නැති ලේඛන කිහිපයක් විත්ති පාර්ශ්වයට ඉදිරියේදී භාරදෙන බව නීතිපතිවරයා දැනුම් දුන්නා.
ඒ අනුව නඩුව ලබන 28 වනදාට කැදවීමට නියෝග කෙරුණා.