fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිළිඳා සමඟ පාර්ලිමේන්තුවට පැමිණි කෙන්යා මන්ත්‍රීවරියක් සභා ගර්භයෙන් ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 15:01

බිළිඳා සමඟ පාර්ලිමේන්තුවට පැමිණි කෙන්යා මන්ත්‍රීවරියක් සභා ගර්භයෙන් ඉවත් කෙරේ

තම බිළිදා සමඟ පාර්ලිමේන්තු සැසිවාරයකට පැමිණි කෙන්යා මන්ත්‍රීවරියක පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කිරීමට එරට කතානායකවරයා පියවර ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන සුලෙයිකා හසන් ඇයගේ මාස පහක් වයසැති බිළිදා සමග කෙන්යා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. බිළිඳීය නිවසේ තබා ගැනීමේ අපහසුතාව සහ පාර්ලිමේන්තුවේ දරුවන් රැඳවීම සඳහා ස්ථානයක් නොමැති වීම හේතුවෙන් ඇය තම දරුවා සභා ගර්භයට රැගෙන එන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි ක්‍රියාවක් මෙන්ම පාර්ලිමේන්තුවට දරුවන් ඇතුළු කිරීම තහනම් බැවින් ඇයව ඉවත් කිරීමට පියවර ගත් බවයි එරට කතානායක ක්‍රිස්ටෝපර් ඔමුලේ පැවසුවේ. හදිසි අවස්ථාවකදී මෙවැනි තීරණයක් ලබා දීම කණගාටුවට කරුණක් බවයි එම මන්ත්‍රීවරිය ප්‍රකාශ කර තිබෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්