fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 14:43

සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක්

සිම්බාබ්වේ,  ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්විමට තීරණය කර තිබෙනවා.

තරගාවලිය සැප්තැම්බර් 13වනදා සිට 24වනදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්විමට නියමිතයි. ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි මෙය පැවැත්විමට තීරණය කර ඇත්තේ.

පසුගිය ජුලි 18 වනදා සිම්බාබ්වේ ක්‍රිකට් සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනමක් පැනවීමෙන් අනතුරුව ඔවුන් සහභාගිවන පළමු ජාත්‍යන්තර තරගාවලියද මෙයයි. අදාළ තහනමේදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන තරගාවලි සදහා ක්‍රිඩා කළ නොහැකිවිම සහ අයිසිසි මුල්‍යධාර එරට හිමි නොවීමයි.

නමුත් ද්විපාර්ශවික හෝ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලි සදහා ක්‍රිඩා කිරිමේ හැකියාව සිම්බාබ්වේ කණ්ඩායමට තවදුරටත් හිමිවනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 14:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්