fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති සහ කාම්බෝජ රජු අතර සාකච්ඡා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 12:44

ජනපති සහ කාම්බෝජ රජු අතර සාකච්ඡා

කාම්බෝජයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා අද (08) කාම්බෝජයේ නොරදොම් සිහාමොනි රජ මාලිගයට උත්කර්ෂවත් ආකාරයෙන් පිළිගෙන තිබෙනවා.

හමුදා උත්තමාචාර ද සහිත විශේෂ පිළිගැනීමක් එහි පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

අනතුරුව කාම්බෝජ රජු සහ ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු බව එහි සිටින ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික‍්‍රම ප‍්‍රකාශ කළා.

කාම්බෝජ රජුගේ විශේෂ ආරාධනයකට අනුවයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා නිල සංචාරයක නිරත වන්නේ. ඊයේ (07) කාම්බෝජයට ලගාවූ ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස එරට ව්‍යාපාරික හමුවකට ද එක්වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්