මාවුස්සාකැළේ ජලාශයට මිරිදිය ඉස්සන් පැටවුන් දෙලක්ෂ හැට දහසක් මුදා හැරේ
Related Articles
මිරිදිය ඉස්සන් පැටවුන් දෙලක්ෂ හැට දහසක් මාවුස්සාකැළේ ජලාශයට මුදා හැරීම සිදු කෙරුණා. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සහ ජනාධිපති ලේකම්කාර්යාලයේ මැදිහත්වීමෙනුයි මෙය සිදු කෙරුණේ.
මාවුස්සාකැළේ ජලාශයේ ධීවර කටයුතුවල නිරත ධීවර ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළනැංවීම මෙහි අරමුණයි. ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන කහද මෝදර මිරිදිය ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයේ ඉස්සන් පැටවුනුයි මෙසේ ජලාහයට මුදා හැරුනේ.
මෙම ඉස්සන් වසරක කාලයක් තුළ ග්‍රෑම් 500 සිට ග්‍රෑම් 750 දක්වා වැඩෙන බවයි ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යාලයේ ව්‍යාපෘති භාර නිලධාරීවරයා පවසන්නේ. මිරිදිය ඉස්සන් කිලෝවක් රුපියල් 1500 ක් වැනි ඉහළ මිලය අලෙවි කිරීමට හැකි වීමෙන් ධීවර ජනතාවගේ ආර්ථිකය වර්ධනය සිදු වන බවද ඔහු පෙන්වා දෙනවා.