තායිවානයට රිච්ටර් පරිමාන ඒකක 06 ක ප්‍රබල භූකම්පනයක් අද උදෑසන සිදු වුණා.
තායිවානයේ තායිපේ අගනුවර ඇතුළු වෙරළබඩ නගරවලට මෙම භූ කම්පනයෙන් බලපෑම් එල්ල වුණා. එම ප්‍රදේශයේ විදුලියද ඇණ හිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගොඩනැගිලි සෙලවෙන ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. එම නගර ප්‍රදේශවල දුම්රිය ධාවනය ද නතර කිරීමටයි බලධාරීන් කටයුතු කළේ. කෙසේ වෙතත් ජීවිත හෝ දේපල හානි මෙතෙක් වාර්තා වී නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.