කටුනායක ගුවන් තොටුපලට පැමිණි ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ගුවන් තොටුපලට හරවා යවා තිබෙනවා. දෝහා සිට පැමිණි කියු ආර් 662 ගුවන් යානය අළුයම 3.15ට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්සවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සාජා සිට පැමිණි එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් ජී 9503 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපලට හරවා යැවුණා. යානා දෙකේම කාර්ය මණ්ඩලය සහ මඟීන් පිටතට නොගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා යළිත් කටුනායකට පිටත්කර යවා තිබෙනවා.
මේ වනවිට කටුනායක ගුවන් තොටුපල අවට කාලගුණ තත්ත්වය යහපත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ අනූව මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙනවා.