fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු සිරියාවේ තුර්කි ඇමරිකා ඒකාබද්ධ ආරක්ෂක කලාපයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 09:38

උතුරු සිරියාවේ තුර්කි ඇමරිකා ඒකාබද්ධ ආරක්ෂක කලාපයක්

උතුරු සිරියාවේ ආරක්ෂිත කලාපයක් පිහිටුවීමට තුර්කිය සහ ඇමරිකාව තිරණය කර තිබෙනවා. එහි සම්බන්ධිකරණය සහ කළමණාකරණ කටයුතු සඳහා ද ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරිමයි අරමුණ.

තුර්කියේ අන්කරා අගනුවරදී මේ පිළිබඳව දින තුනක සාකච්ඡාවක් පැවැත්වුණා. උතුරු සිරියාවේ මෙම ප‍්‍රදේශය සාම කොරිඩෝවක් බවට පත්කරමින් හැකි ඉක්මනින් මෙම ආරක්ෂිත කලාපය ඇති කරන බවයි තුර්කි ආරක්ෂක අමාත්‍යංශය හා තුර්කියේ ඇමරිකා තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සරණාගතභාවයට පත්ව සිටින සිරියා ජනතාවට හැකි ඉක්මණින් නැවත සිය රටට පැමිණිමට හැකිවන ලෙස ගතයුතු සියලු පියවර කඩිනම් කරන බවද නිවේදනයෙහි සඳහන් .

ITN News Editor
By ITN News Editor අගෝස්තු 8, 2019 09:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්