මුස්ලිම් ජනතාවට පීඩනයක් එල්ල කරමින් කතෝලික ජනතාව ඇවිස්සීමට දේශපාලන කණ්ඩායමක් කුමන්ත්‍රණ කරන බවට මීගමුව පුරවැසි එකමුතුව චෝදනා කරනවා.
කටුවාපිටිය දේවස්ථානය ඉදිරිපිට තිබූ දේව ප්‍රතිමාවක් ආවරණය කළ වීදුරුවකට ගල් ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන් කලබලකාරීව හැසිරුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සදහා මීගමුව පුරවැසි එකමුතුව මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/vLIDhMNUMlw”]