fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිහින්තලය නගරයේ උද්ඝෝෂණයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 18:10

මිහින්තලය නගරයේ උද්ඝෝෂණයක්

මිහින්තලය පුදබිම පිහිටි මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගව ඝාතකාගාරයක් පිහිටුවීමේ උත්සාහයක් පවතින බවට චෝදනා කරමින් එම නගරයේදී උද්ඝෝෂණයක් සහ පාගමනක් පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මැදිහත්විමෙන් මෙම අයථා ක්‍රියාව සිදුවන බවටයි  ජනතාව චෝදනා කරන්නේ.

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනෙවිරත්න මහතා එම ප්‍රාදේශීය ලේකම කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් නිකුත් කරමින් කටුකැලියාව ප්‍රදේශයේ ඉඩමක් ලබා දෙන ලෙසට දැනුම් දී තිබෙනවා. එම ඉඩමේ ගව ඝාතකාගාරය පිහිටුවීමට යන බවටයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ. මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ ඇතුළු මහාසංඝරත්නය සහ ජනපවුර සංවිධානයයි උද්ඝෝෂණය සිදු කළේ. මිහින්තලය නගරයේ සිට පාගමනින් පැමිණි විරෝධතාකරුවන් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාව පල කිරිමෙන් පසු  ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිපියක් ද භාර දුන්නා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo