fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සතෙකුටවත් සුදුසු නැති පුනරුත්තාපනයේ නානතොට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 17:54

සතෙකුටවත් සුදුසු නැති පුනරුත්තාපනයේ නානතොට

මිනිසුන් තබා සතෙකුටවත් සුදුසු නැති ජලයෙන් දිය නෑමට සලසන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පිළිබද වාර්තා වනවා. මෙම මධ්‍යස්ථානය භාර නිලධාරියා ඇතුළු සේවකයින් දින ගණනාවකින් පැමිණීම පිටවීම පවා සටහන්කර නැහැ.

අවිස්සාවේල්ල,  පුවක්පිටිය ජයවිරු සමාධි සෙවන පුනරුත්ථාපන කදවුරට ගිය නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එහි සියලු කටයුතු සොයා බැලුවා. නියෝජ්‍ය අමාත්‍යවරයා යනවිටත් ස්ථාන භාර නිලධාරියා එහි නොසිටි අතර කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයින් දෙදෙනෙකු පමණක් එහි සිට තිබෙනවා. පසුව නියෝජ්‍ය අමාත්‍යවරයා සමාජසේවා අධ්‍යක්ෂතුමියට දුරකතන ඇමතුමක් දී මෙම නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන ලෙසට දැනුම් දුන්නා.

පුවක්පිටිය ජයවිරු සමාධි සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින දරුවන්ට දියනෑම සදහා වෙන්කර ඇති ස්ථානයද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. මෙම ස්ථානයෙන් අපවිත්‍ර ජලය ගලායන කාණු පද්ධතියද පිහිටා තිබෙනවා. ඒ අනුව කිසිදු සනීපාරක්ෂක පහසුකමක් මෙහි සිටින නේවාසිකයන්ට සළසා නැති බව තහවුරු වුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්