fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුෂ්මා ස්වරාජ් මහත්මියගේ අභාවය වෙනුවෙන් අගමැතිගෙන් ශෝක පණිවුඩයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 17:14

සුෂ්මා ස්වරාජ් මහත්මියගේ අභාවය වෙනුවෙන් අගමැතිගෙන් ශෝක පණිවුඩයක්

ඉන්දීය හිටපු විදේශ අමාත්‍යවරියක වන සුෂ්මා ස්වරාජ් මහත්මිය අභාවප්‍රාප්ත වුණා. ඇයගේ හදිසි  වියෝව වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තර කර ගැනීමට ස්වරාජ් මහත්මිය දැක්වූ කැපවීම හා උනන්දුව ශ්‍රී ලාංකික ජන හදවත් තුළ සදා අනුස්මරණීය බවයි.

පසුගිය කාලයේදී ස්වරාජ් මහත්මිය පෞද්ගලිකව හමුවූ අවස්ථාවන්හිදී ඇය ශ්‍රී ලංකාවට ඉතා ලබැදි මිතුරියක හා අසල්වාසිනියක ලෙස හඳුනාගැනීමට ලැබුන බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. ඇයගේ වියෝවෙන් ශෝකට පත් පවුලේ ඥාතීන් ඇතුළු සමස්ත ඉන්දීය ප්‍රජාවට සාතිශ්‍යය සංවේගය පල කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්