ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවකගේ අතක් ඉවත් කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ ඒකකයට නියෝග කර තිබෙනවා.
ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සදහා මාරවිල රෝහලට ඇතුළත්කර සිටි 78 හැවිරිදි කාන්තාවකගේ එක් අතක් ඉවත්කර තිබූ බවට මාධය මගින් කරුණු වාර්තාකර තිබුණා. ඒ අනුවයි අමාත්‍යවරයා පරීක්ෂණයක් කිරීමට නියමකර ඇත්තේ. මේ අතර මාරවිල රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කරන්නේ මෙම කාන්තාවගේ අත ඉවත්කර ඇත්තේ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු එක් අතක ලේ කැටියක් සිරවී නිල්පාටට හැරී අකර්මණ්‍ය තත්ත්වයට පත්වීම නිසා බවයි. කෙසේ වෙතත් රෝහල මගින්ද මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බව ඇය සඳහන් කළා.