ඉහලම ආදායම් ලබන ක්‍රීඩිකාවන්ගේ නාමලේඛනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පෝබ්ස් සඟරාවයි එය පළකළේ. එහි පලමු ස්ථානය හිමිව තිබෙන්නේ ඇමරිකා ටෙනිස් ක්‍රීඩිකා ෂෙලීනා විලියම්ස්ට.
පසුගිය මාස 12 තුළ ඇය උපයා ඇති ආදායම ඇමරිකා ඩොලර් මිලියන 29 යි දශම දෙකක්. 2018 වසරේ ජුලි මාසයේ සිට 2019 ජුලි දක්වා කාලය තුළ ඉපැයූ ආදායම් ඊට අයත්. වැටුප් , ප්‍රසාද දිමනා සහ තරගවලින් ඉපැයූ මුල්‍ය වටිනාකම් ද මීට අයත්. පෝබ්ස් සඟරාව අනුව දෙවන ස්ථානය හිමිව ඇත්තේ ජපාන ටෙනිස් ක්‍රීඩිකාවක් වන නඕමි ඔසාකා ට.