fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම් රැසක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:19

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම් රැසක්

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම් රැසක් ජලාශ හා වෙරළ තීරයන්හි සේවයට යොදවා තිබෙනවා.

ගාල්ල රූමංසල, ජංගල්බීච් හා සුදුවැල්ල යන වෙරළ තීරයන් සදහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ මුදා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට අනුයුක්තව ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවා තිබෙනවා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ උපදෙස් මතයි වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත්තේ.

වැව් හා ගංගාවල සුන්දරත්වය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව මෙන්ම වෙරළ තීරයන්හි සුන්දරත්වය නැරඹීමට පැමිණෙන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්