fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජය ගොවීන්ට හඳුන්වා දුන් නව දේශීය දෙමුහුන් මිරිස් ප්‍රභේදයකින් සාර්ථක ප්‍රතිඵල

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 11:57

රජය ගොවීන්ට හඳුන්වා දුන් නව දේශීය දෙමුහුන් මිරිස් ප්‍රභේදයකින් සාර්ථක ප්‍රතිඵල

රජය ගොවීන්ට හඳුන්වා දුන් නව දේශීය දෙමුහුන් මිරිස් ප්‍රභේදයකින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. අක්කරයක වගා භූමියකින් මිරිස් කිලෝග්‍රෑම් විසිපන්දහසක් නෙළා ගැනීමට මෙමඟින් හැකියාව ලැබී ඇති බවයි ගොවීන් පවසන්නේ.

මහඉලුප්පල්ලම රජයේ බීජ අභිජනන හා ක්ෂේත්‍ර භෝග අධ්‍යයන අංශය මඟින් මෙම නව දෙමුහුන් මිරිස් ප්‍රභේදය හඳුන්වා දුන්නේ මීට වසරකට පමණ පෙරයි. MICH HY 1 ලෙස හැඳින්වෙන එම ප්‍රභේදය මිරිස් වගාවට වැඩිම පිරිසක් යොමු වී සිටින පුලියන්කුලම ගම්මානයේ ගොවීන්ට පළමුව හඳුන්වා දුන්නා. එහි පළමු අස්වැන්න නෙළීම සිදුකරන අවස්ථාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතාද එක්ව සිටියා. මෙම මිරිස් ප්‍රභේදය අක්කරයක වගා කිරීමෙන් වරකට කිලෝග්‍රෑම් තුන්දහස් පන්සියයක අස්වැන්නක් ලබා ගත හැකි බවයි ගොවීන් පවසන්නේ. මිරිස් වගාවෙන් ඉවත්වෙමින් සිටි තමන්ට යළි මෙවැනි සාර්ථක වගාවකට යොමු වීමට ඉඩකඩ සලසා දීම පිළිබඳ ගොවීන් රජයට ප්‍රසාදය පළ කරනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්