නීතිවිරෝධි ලෙස ධීවර කර්මාන්තයේ නිරත වූ 13 දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්රකාශ කළා. ඒ කොළඹ වරාය පිවිසුමේ රැදී සිටියදී.
යාත්රා තුනක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් පිළිබඳ ඉදිරි පරික්ෂණ වරාය පොලිසිය සිදුකරන බවයි නාවික හමුදාව පවසන්නේ. වරායට පිවිසෙන හා පිටවන මුහුදු මාර්ග අවහිර වන ලෙසට ධිවර කටයුතු කිරිමෙන් වළකින ලෙසටයි ආරක්ෂක අංශ ඉල්ලීමක් කළේ.