මෙක්සිකෝවේ රාජ්ය කාසි නිෂ්පාදන ආයතනයේ තිබූ ඇමෙරිකා ඩොලර් මිලියන දෙකකට අධික වටිනාකමින් යුත් රත්රං කාසි තොගයක් පැහැරගෙන ගොස් තිබෙනවා.
මෙක්සිකෝවේ කැසා ඩී මොනේඩා නගරයේ පිහිටා තිබෙන මෙම ආයතනයට පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකුයි මෙම සොරකම සිදුකර තිබෙන්නේ. ඔවුන් එහි සිටි ආරක්ෂක අංශ නිලධාරීන් බියගන්වා ඊට ඇතුළු වී රත්රං කාසි 1500 කට වැඩි ප්රමාණයක් කොල්ලකා ඇති බවයි මෙක්සිකෝ පොලීසිය සඳහන් කරන්නේ. කොල්ලකරුවන් පොලීසිය පැමිණීමට පෙර යතුරුපැදිවලින් පලාගිය බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ. මෙම රාජ්ය කාසි නිෂ්පාදන ආයතනයේ කාසි තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් පසුගිය වසරේදී ද වාර්තා වුණා.