කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තුන් වන ක්‍රිකට් තරගයේ ජයත් ඉන්දියාවට හිමි වුණා.
මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 06කට ලබාගත් ලකුණු සංඛ්‍යාව 146ක්. කිරන් පොලාට් ලකුණු 58යි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දුවක් අවසානයේ දී කඩුළු තුනක් පමණක් දැවී ලකුණු 150ක් ලබාගත්තා.
විරාත් කෝලි හා රිෂාප් පාන්ට් අර්ධ ශතක රැස්කිරිමට සමත් වුණා.